small gov

1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනත ක්‍රියාවට නැංවීම පිණිස මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව 1997 වසරේ ස්ථාපනය කරනු ලැබීය. 1946 අංක 37 දරන කිරුම් හා මිනුම් ආඥාපනත ක්‍රියාත්මක කිරීම පිණිස 1952 දී ස්ථාපනය කරනු ලැබූ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුවේ කිරුම් හා මිනුම් අංශය දෙපාර්තමේන්තුවේ පූර්වගාමියා විය. ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක, කාර්මික හා නෛතික මිනුම් සඳහා වගකිවයුතු ජාතික මිනුම් ආයතනය වනුයේ මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවයි.

අපගේ දැක්ම

"මනා ලෙස සුරැකි පාරිභෝගික ප්‍රජාවක් සඳහා නිවැරදි හා විශ්වාසනීය මිනුම්".

අපගේ මෙහෙවර

"මිනුම් මත පදනම් වූ සේවා සහ නියාමන ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිෂ්පාදකයන්, වෙළෙන්ඳන්, මිනුම් විද්‍යා හෝ වෙනත් සේවා සපයන්නන් සහ පාරිභෝගිකයන්ගේ සමානත්වය හා යුක්තිය තහවුරු කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල වූ ජාතික මිනුම් ප්‍රමිතීන් ස්ථාපනය කිරීම, පවත්වාගෙන යාම හා ඒවා ප්‍රචලිත කිරීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම."

දෙපාර්තමේන්තුවේ කාර්යභාරය

දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වනුයේ මිනුම් මත පදනම් වූ සේවා සහ නියාමන ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිෂ්පාදකයන්, වෙළෙන්ඳන්, මිනුම් විද්‍යා හෝ වෙනත් සේවා සපයන්නන් සහ පාරිභෝගිකයන්ගේ සමානත්වය හා යුක්තිය තහවුරු කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල වූ ජාතික මිනුම් ප්‍රමිතීන් ස්ථාපනය කිරීම, පවත්වාගෙන යාම හා ඒවා ප්‍රචලිත කිරීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි.

කර්තව්‍ය

ජාතික මිනුම් ප්‍රමිති සහ ජාත්‍යන්තර ඒකක ක්‍රමය පවත්වා ගැනීම සහ මිනුම් ප්‍රමිති, ආශ්‍රෙය ද්‍රව්‍ය සහ ආශ්‍රෙය ශිල්පීය ක්‍රම සංවර්ධනය කිරීම හා පවත්වා ගැනීම මගින්එම මිනුම් ඒකක සාක්ෂාත් කර ගැනීම මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ කර්තව්‍ය වේ.

ප්‍රධාන කර්තව්‍ය

  • ශ්‍රී ලංකාවේ ජාතික මිනුම් පද්ධතිය ජාත්‍යන්තරව පිළිගැනීම සුරක්ෂිත කිරිම සහ සහතික කිරීම පිණිස අවශ්‍ය කරනු ලබන විද්‍යාත්මක, නෛතික හා පරිපාලන ව්‍යුහය ස්ථාපනය කිරීම හා පවත්වා ගැනීම.
  • පරීක්ෂා කිරීමේ / අංක ශෝධන විද්‍යාගාර සඳහා ක්‍රමාංකන පහසුකම් සැපයීම.
  • ශ්‍රී ලංකාවේ සම්මත වේලාව සැපයිම සහ පවත්වාගෙන යාම.
  • අනිවාර්ය සත්‍යෙක්ෂණය ක්‍රමවේදයක් මගින් වෙළඳාම, පරිසර ආරක්ෂාව, නියාමන ක්‍රියාකාරකම් ආදිය සඳහා භාවිතා කරනු ලබන මිනුම් උපකරණවල නිරවද්‍යතාව සුරක්ෂිත කිරීම.
  • දිස්ත්‍රික් පාදක සත්‍යෙක්ෂණ මධ්‍යස්ථාන, විද්‍යාගාර ස්ථාපිත කිරීම සහ කාරක ප්‍රමිති සත්‍යෙක්ෂණය.
  • වෙළඳාමේදී භාවිතා කරනු ලබන කිරුම් පඩි, මිනුම් සහ කිරුම් මිනුම් උපකරණ මූලික සත්‍යෙක්ෂණය හා ප්‍රති- සත්‍යෙක්ෂණය.
  • වෙළඳාමේදී භාවිතා කරනු ලබන කිරුම් පඩි, මිනුම් සහ කිරුම් මිනුම් උපකරණ නිෂ්පාදනය, අළුත්වැඩියාව සහ අලෙවිය පිළිබඳ නෛතික පාලනය.
  • වෙළඳාමේදී සහ කර්මාන්තවලදි භාවිතා කරනු ලබන කිරුම් පඩි, මිනුම් සහ කිරුම් මිනුම් උපකරණවල මෝස්තර අනුමත කිරිම.
  • රටේ මිනුම් නීතිය (1995 අංක 35 දරන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනත) උල්ලංඝනය කරන්නන් පුද්ගලයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම මගින්
  • පාරිභෝගිකයා ආරක්ෂා කිරීම.
  • පෙර ඇසුරුම් භාණ්ඩ පරීක්ෂා කිරිම.
  • පාරිභෝගික අධ්‍යාපනය.