small gov

යෝග්‍යතාවය

වාණිජ ගනුදෙනුවලදී හෝ පහත දැක්වෙන මිනුම් කාණ්ඩවලට අයත් නියාමන ක්‍රියාකාරකම්වලදී මිමි සහ කිරුම් හෝ මිනුම් උපකරණ භාවිතා කරන කිසියම් පුද්ගලයෙක් / සංවිධානයක් මේ සඳහා සුදුසුකම් ලබයි.

  • දිග පිළිබඳ මිනුම්
  • ධාරිතාව පිළිබද මිනුම්
    • කාණ්ඩය 1 - මිමි
    • කාණ්ඩය 2 - උප බෙදුම් සහිත මිමි
    • කාණ්ඩය 3 - මත්පැන් මැනීම සඳහා භාවිතාකරන මිමි
  • සාමාන්‍ය වෙළඳාම සඳහා භාවිතා කරන පඩි
  • රසායනඥයන්, ඖෂධ සංයෝජකයන් සහ රන්කරුවන් භාවිතා කරන පඩි - ඕ.අයි.එම්.එල්. M1 සහ M2 පංතිය
  • කිරුම් උපකරණ (3 සහ 4 වැනි පන්ති) ක්‍රමාංකනය නොකරන ලද තැටි තරාදි
    • කාණ්ඩය 2 - ක්‍රමාංකනය කරන ලද කවුන්ටර් තරාදි
    • කාණ්ඩය 3 - ක්‍රමාංකනය කරන ලද උපකරණ (සංඛ්‍යාක දර්ශක)
    • කාණ්ඩය 4 - ක්‍රමාංකනය කරන ලද උපකරණ (ප්‍රතිසම දර්ශක)
    • කාණ්ඩය 5 - පංතිය 2 - කිරුම් උපකරණ
    • කාණ්ඩය 6 - පංතිය 1 - කිරුම් උපකරණ
  • මිනුම් උපකරණ
    • දියර/වායු ඉන්ධන සදහා
    • ස්නේහක තෙල් සඳහා
    • බවුසර්

කිරුම් හෝ මිනුම් උපකරණ සත්‍යායනය සඳහා භාවිතා කරන මුද්‍රා තැබීම් ක්‍රමවේද දෙකක් තිබේ.

  • මූලික මුද්‍රා තැබීම
  • වාර්ෂික මුද්‍රා තැබීම

මූලික මුද්‍රා තැබීම - නිෂ්පාදකයන් සහ විකුණම්කරුවන් (ආනයනකරුවන්)

  • වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා දක්වා
  • වැඩකරන කාලය - පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා

පරිපාටිය

  • පුද්ගලයා හෝ සංවිධානය තම උපකරණ මුද්‍රා තබන ලෙස ඉල්ලමින් අධ්‍යක්ෂවරයා ආමන්ත්‍රණය කරමින් ඉල්ලීම් ලිපියක් එවයි.
  • සටහන: පුද්ගලයෙක් හො සංවිධානයක් නව මිනුම් උපකරණයක් මිලදී ගනී නම්, ඒවා මුද්‍රා තබා ඇත්දැයි පරීක්ෂා කර බැලිය යුතුය. එසේ නොමැතිනම්, මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව ලවා ඒවා මුද්‍රා තබාගත යුතුය.
  • මිනුම් උපකරණයේ ගුණාත්මකබව පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක් කරන වේලාව, දිනය සහ පරීක්ෂණය සිදුකරන්නේ කවර ස්ථානයකද යන්න දෙපාර්තමේන්තුව තැපැල් හෝ දුරකථනය මගින් ඉල්ලුම්කරුට දැනුම් දෙනු ඇත.
  • මිනුම් උපකරණය රැගෙන ඉල්ලුම්කරු නිශ්චිතව දැක්වූ ස්ථානයට පැමිණේ.
  • පරීක්ෂකවරාය උපකරණය පරීක්ෂාකර සත්‍යාපනය කරයි.
  • උපකරණය අවශ්‍යතා සපුරාලන්නේ නම්, දෙපාර්තමේන්තුව ඊට මුද්‍රා තබා අදාළ පාර්ශවයට සහතිකයක් නිකුත් කරයි.

සටහන: මුද්‍රා තැබීමේදී යම් උපකරණයක් අදාළ අවශ්‍යතා සපුරාලනු නොලබන බවට පරීක්ෂකවරයා දැනගන්නේ නම් උපකරණයට අවශ්‍ය වෙනස්කම් කිරිම සඳහා වෙළෙන්ඳා / නිෂ්පාදකයා තාක්ෂණික නිලධාරියෙකු වෙත යොමුකරනු ඇත. එය සැලකිය යුතු වෙනස්කමක් නම් එම ස්ථානයේදී එය නිවැරැදි කළ නොහැකිය එවිට බලයලත් තැනැත්තෙක් / නියෝජාතායතනයක් මගින් එය සංශෝධනය කර ගැනීමට අදාළ වෙළෙන්ඳාට / නිෂ්පාදකයාට සිදුවනු ඇත.