small gov

හැඳින්වීම

මානමිතික විද්‍යාගාරය දිග පිළිබඳ මිනුම් ප්‍රමිති හා ඒ ආශ්‍රිත සේවා සඳහා විශේෂයෙන් නිර්මාණය වූවකි. එහි කාර්යභාරය වනුයේ දිග පිළිබඳ ජාතික ප්‍රමිති පිහිටුවීමයි. පඩි සහ මිමි පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය විසින් අර්ථ කථනය කර ඇති ජාත්‍යන්තර ඒකක ක්‍රමයේ මූලික මිනිය හැකි ප්‍රමාණ හත (7) අතුරින් එකකි. ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා අන්තර්ජාතික ඒකක ක්‍රමය හඳුන්වා දීමේ සිට ජාතික අධිකාරිය ලෙස මිටරය සහ එහි භාවිතය පිළිබඳ අර්ථ කථනය දැනුම්දීමේ කිරීමේ වගකිම අප සතු වේ.


ආමාන කුට්ටි සංසන්දකය

ඒකවර්ණ ආලෝක ඒකකය

ග්‍රැනයිට් පෘෂ්ඨික පුවරුව

31 30
ආමාන කුට්ටි කට්ටලය

29
රේඛා මිම්ම

වගකීම්

  • දිග පිළිබද ජාතික ප්‍රමිති පිහිටුවීම හා පවත්වාගැනීම
  • විදේශ රටවල ජාතික මිනුම් විද්‍යා ආයතන හරහා දිග මැනීම සඳහා ජාත්‍යන්තර මිනුම් යොමු කිරීමේ හැකියාව පවත්වා ගැනීම
  • ජාත්‍යන්තර ඒකක ක්‍රමයට යොමු කළ හැකි දිග පිළිබඳ ජාතික ප්‍රමිති පවත්වා ගැනීම.
  • දේශීය කර්මාන්ත වෙත දිග පිළිබඳ මිනුම් යොමුකිරීමේ හැකියාව දැනුම් දීම
  • දිග පිළිබඳ මිනුම් ආශ්‍රිත අන්තර් විද්‍යාගාර සංසන්දන සඳහා සහභාගිත්වය
  • දේශීය කර්මාන්තවල දිග සහ මාන මිනුම් ප්‍රමිති/ මිනුම් උපකරණ සඳහා අංක ශෝධන සේවා සේවා සැපයීම
  • මානමිතික මිනුම් විද්‍යාව පිළිබඳ පුහුණු වැඩසටහන් සංවිධානය කිරිම

මානමිතික විද්‍යාගාරයේ ස්ථාපිත කරනු ලැබූ මිනුම් ප්‍රමිති සහ උපකරණ

  • දිග මැනීම සඳහා නිරෝධනමානය සහිත හීලියම්- නියොන් ලේසරය
  • ආමාන කුට්ටි - K ශ්‍රේණිය - මි.මි. 0.5 සිට මි.මි. 100 දක්වා
    • ටංග්ස්ටන් කාබයිඩ්
    • වානේ
  • ආමාන කුට්ටි - 00 ශ්‍රේණිය - මි.මි. 0.5 සිට මි.මි. 100 දක්වා
    • ටංග්ස්ටන් කාබයිඩ්
    • සෙරමික්
  • ආමාන කුට්ටි - 00 ශ්‍රේණිය - මි.මි. 0.5 සිට මි.මි. 500 දක්වා
    • වානේ
  • ආමාන කුට්ටි - 00 ශ්‍රේණිය - මි.මි. 0.5 සිට මි.මි. 100 දක්වා
    • වානේ
  • පටි අංක ශෝධකය - මි.මි. 2000
  • ආමාන කුට්ටි සංසන්දකය - මි.මි. 600
  • ආශ්‍රේය රේඛා ප්‍රමිති - මි.මි. 100, මි.මි. 200
  • ප්‍රකාශ සමතල මි.මි.45, මි.මි. 60
  • ප්‍රකාශ සමාන්තරතා - මි.මි. 12 කාණ්ඩය

අංක ශෝධක සේවා

අයිතමයේ නම මිනුම් පරාසය (මි.මි.)
ආමාන කුට්ටි - මිනුම සංසන්දනය මගින් 0.5 සිට 100
මිනුම් කෝදු 2000
මිනුම් පටි 2 සිට 50
මයික්‍රොමිටර 25 සිට 600
කැලිපර 100 සිට 600
ඝනකම මැනීමේ ආමාන 1 to 50
උස මැනීමේ ආමාන 200 සිට 600
විෂ්කම්භ ආමාන 160
ෆීලර් ආමාන 0.05 සිට 2.00
සමතලබව හා සමාන්තරතාව උපකරණවල මිනුම් මුහුණත

Calibration Fee

Length related calibration services
Linear measures   
Ruler /tape 1m or part there of 1500
Gauge Blocks  
Using Gauge block Comparator ,for each block 700
Using Micrometer Screw Gauge, for  each block 500
Using Gauge block, for each part or block 500
Vernier Scales  
Vernier Calipers  
<=200mm 2000
>200mm 2500
Micrometers  
<=25mm 1500
>25mm<=150mm 2000
>150mm 2500
Diameter gauge  
<=20mm 1500
>20mm<=40mm 2000
Height gauge instruments 1500
Caliper tester 2000
Feeler Gauge 2000
Thickness Dial gauge 2000