small gov

අරමුණ

විද්‍යුත් බලය හා ශක්තිය පිළිබඳ විද්‍යාගාරයේ ප්‍රධාන අරමුණ වනුයේ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් මගින් ජාත්‍යන්තර ප්‍රමිති හා අනුරූප වන ලෙස විද්‍යුත් මිමි පිළිබඳ ජාතික ප්‍රමිති ස්ථාපනය කිරීම, පවත්වා ගැනීම සහ උත්ශ්‍රේණි කිරීමයි.

මෙම විද්‍යාගාරය මගින් විද්‍යුත් මිමිවල ජාත්‍යන්තර මට්ටමේ නිරවද්‍යතාවය පාරිභෝගිකයන්ට ලබා දෙයි.

විද්‍යාගාරයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වනුයේ පීඩන ක්ෂෙත්‍රයේ අනතර් සංසන්දන සඳහා සහභාගිවීම සහ අන්තර්ජාතිකව නිරවද්‍යතාව සහතික කිරීම සහ අංක ශෝධන පර්යේෂණාගාර, පරීක්ෂණ පර්යේෂාගාර සහ කර්මාන්තය වෙත අංක ශෝධන සේවා සැපයීමයි.

මූලික ප්‍රමිති

  • K 2006 තෙකලා සංසන්දකය (පංතිය 0.01)
    • වෝල්ටීයතා පරාසය - 30V 500 V
    • විදුලි ධාරා පරාසය 5 mA 160 A

විදුලිබල හා බලශක්ති විද්‍යාගාරයේ පවතින පහසුකම්

පහත සඳහන් ද්විතීයික විදුලිබල හා බලශක්ති ප්‍රමිතීන් විදුලිබල හා බලශක්ති රසායනාගාරයේ ස්ථාපිත කර ඇත.

  • එකලා මනු පරීක්ෂණ පද්ධතිය (ස්ථාන පහ) නිරවද්‍යතා පංතිය 0.05
  • තෙකලා මනු පරීක්ෂණ පද්ධතිය (ස්ථාන පහ) නිරවද්‍යතා පංතිය 0.05
  • සූක්ෂම අධි වෝල්ටීය මනුව - 10 kV (AC/DC)

අංක ශෝධක සේවා

පවතින පහසුකම් භාවිතා කරමින් විද්‍යාගාරයෙන් පහත දැක්වෙන අංක ශෝධක සේවා සපයනු ලැබේ.

  • විදුලි මනු පරීක්ෂා කිරීමේ ඇති පද්ධතිවල මීටර (එකලා)
  • විදුලි මනු පරීක්ෂා කිරීමේ ඇති පද්ධතිවල මීටර (තෙකලා)
  • ජංගම විද්‍යුත් / ශක්තිය මැනීමේ උපකරණ (එකලා) නිරවද්‍යතා පංතිය 0.1/0.2
  • ජංගම විද්‍යුත් / ශක්තිය මැනීමේ උපකරණ (තෙකලා) නිරවද්‍යතා පංතිය 0.1/0.2
  • විද්‍යුත් ශක්ති මීටර (විද්‍යාගාර/එකලා) නිරවද්‍යතා පංතිය 0.1/0.2
  • විද්‍යුත් ශක්ති මීටර (විද්‍යාගාර/තෙකලා) නිරවද්‍යතා පංතිය 0.1/0.2
  • විද්‍යුත් බලය මැනීමේ උපකරණ (එකලා/ස්ථාවර/ජංගම/විද්‍යාගාර)
  • විද්‍යුත් බලය මැනීමේ උපකරණ (තෙකලා/ස්ථාවර/ජංගම/විද්‍යාගාර)
  • කිලෝ වොට් පැය මීටරය (එකලා)
  • කිලෝ වොට් පැය මීටරය (තෙකලා)
  • කිලෝ වොට් ඇම්පියර් පැය මීටරය (තෙකලා)

අංක ශෝධක ගාස්තු

විදුලිබල හා බලශක්තිය ආශ්‍රිත අංක ශෝධක සේවා

Electrical  power and energy related calibration services Rs.Cts.
kWh meter (Single phase)  1000
kWh meter (Three phase)  1200
kV A meter(Three phase)  1200
Potable power/energy  meter (Single phase )Accuracy class 0.1/0.2 10000
Potable power/energy meter/energy (Thee  phase )Accuracy class 0.1/0.2 12000
Reference meter(Used in meter testing benches/Single phase ) 50000
Reference meter (Used in meter testing benches/Three  phase ) 60000
Energy meter  (laboratory/Single phase ) Accuracy class 0.1/0.2 10000
Energy meter (laboratory/Three  phase ) Accuracy class 0.1/0.2 12000
Power meter (single phase/stationary/Mobile/Lab) 5000
Power meter (three phase/ stationary/Mobile/Lab) 6000