small gov

මිනුම් විද්‍යාවේ වැදගත්ම ක්ෂෙත්‍රය මෙය වේ. විද්‍යාත්මක මිනුම් විද්‍යාව යනු මිනුම් ඒකක පද්ධති සහ රාශි පද්ධති පිහිටුවීම, නව මිනුම් පද්ධති සොයා ගැනීම, ජාත්‍යන්තර සහ ජාතික මිනුම් ප්‍රමිතීන් හඳුනා ගැනීම සහ අර්ථ දැක්වීම, පිහිටුවීම සහ එම ප්‍රමිතීන්වල ඒකමිතිය පවත්වා ගනිමින් ඒවා සියලු පරිශිලකයන් කරා ව්‍යාප්ත කිරිම මෙම විෂයයේ විෂය පථයට අදාළ කරුණු වේ. එමෙන්ම මිනුම් දෝෂ හඳුනා ගැනීම හා නිරවුල් කිරීම ආදිය සඳහා බලපාන සෛද්ධාන්තික හා ප්‍රායෝගික කරුණු ද විද්‍යාත්මක මිනුම් විද්‍යා ක්ෂෙත්‍රය මගින් ආවරණය වේ. විද්‍යාත්මක මිනුම් විද්‍යාවට අදාළ ඉහත කාර්යයන් ඉටුකිරීම සඳහා ගෙන ඇති පියවර කිහිපයකි.

  • ජාතික මිනුම් පර්යේෂණාගාරය පිහිටුවීම මගින් රටේ ජාතික මිනුම් ප්‍රමිති හා ඒකක පද්ධතිය ස්ථාපනය කිරීම.
  • ජාතික මිනුම් ප්‍රමිතීන් නිරූපණය. ස්ථාපනය, යාවත්කාලීන කිරීම, පවත්වාගෙන යාම හා ව්‍යාප්ත කිරීම
  • ජාත්‍යන්තර මිනුම් ප්‍රමිතීන්හි උපයෝගීතාවට අනුකූල වන පරිදි ජාතික මිනුම් පද්ධතිය ස්ථාපනය කිරීම හා පවත්වාගෙන යාම.
  • විවිධ ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය වන මිනුම් ප්‍රමිතීන් හා තාක්ෂණය ව්‍යාප්ත කිරීම හා ප්‍රගතිශීලී පියවර ගැනීම.
  • ජාතික මිනුම් පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාම පිණිස, අවශ්‍ය අංකන පද්ධතිය සහ පර්යේෂණ විද්‍යාගාර ප්‍රමිතිකරණය සිදුකිරීම
  • විද්‍යාත්මක මිනුම් තාක්ෂණයට අදාළ පුහුණුව ව්‍යාප්ත කිරීම, උපදේශන සේවා සහ මිනුම්කරණය මගින් මතුවන ආරවුල් විසඳීමේ උපදෙස් ප්‍රචාරණය