small gov

කාර්මික මිනුම් විද්‍යාව අපගේ විෂයමාලාවේ අනු ක්ෂේත්‍රයකි. මිනුම් විද්‍යාව නිෂ්පාදන සහ අනෙකුත් ක්‍රියාවලි සඳහා යොදාගැනීම සහ සමාජයේ එහි භාවිතය, මිනුම් උපකරණවල යෝග්‍යතාවය සහතික කිරීම, ඒවායේ අංක ශෝධනය සහ මිනුම්වල තත්ත්ව පාලනය කාර්මික මිනුම් විද්‍යාවට අදාළ වේ. අංක ශෝධන පරිපාටි, අංක ශෝධන කාල අන්තර සහ මිනුම්කරණ ක්‍රියාදාම පාලනය සහ මිනුම් උපකරණ ඒවායේ අපේක්ෂිත භාවිතයේ අවශ්‍යතා සමග අනුකූලවන බව සහතික කිරීම පිණිස කර්මාන්තයේ එම උපකරණ කළමනාකරණය ද එයින් ආවරණය වේ.

කාර්මික මිනුම් විද්‍යාව ආශ්‍රිතව දෙපාර්තමේන්තුව විසින් ඉටුකරනු ලබන ක්‍රියාකාරකම් පහත දැක්වෙන පරිදිය.

ආවරණය කරනු ලබන අංශ; නිෂ්පාදන, සෞඛ්‍යය, ආනයන/අපනයන ආදී

කර්මාන්තයන්හි භාවිතා කරනු ලබන මිනුම් සහ මිනුම් උපකරන සඳහා අංක ශෝධන පහසුකම් සැපයීම.

  • මිනුම්, අංක ශෝධන, මිනුම් උපකරණ සැකසීම සහ කර්මාන්ත මිනුම්වල පැන නගින මිනුම් ගැටලු විසඳිම පිළිබඳ පුහුණුව සහ උපදෙස් ලබාදීම.
  • කාර්මික මිනුම් සඳහා මිනුම් ප්‍රමිති, උපකරණ සහ පරීක්ෂණ ක්‍රමවේද සැලසුම් කිරීම, නිපදවීම සහ ඇගයීම සඳහා පිරිස් යොමු කිරීම.