small gov

රජයේ නීති හා රෙගුලාසිවලට අනුකූලව (මූල්‍ය රෙගුලාසි / ආයතන සංග්‍රහය / රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ / භාණ්ඩාගාර චක්‍රලේඛ / ප්‍රසම්පාදන සංග්‍රහය සහ මාර්ගෝපදේශ / අනෙකුත් චක්‍රලේඛ) දෙපාර්තමේන්තුවේ අරමුදල් කළමනාකරණය සිදුකරනුයේ ගිණුම් අංශයයි. අනෙකුත් දෙපාර්තමේන්තු හා සැසඳීමේදී, ඒකාබද්ධ අරමුදල් ගිණුමට අමතරව දෙපාර්තමේන්තුව මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා අරමුදලේ මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. ඒ අනුව ගිණුම් අංශය අරමුදල් කළමනාකරණ ක්‍රියාදාමයේදී වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි.

කර්තව්‍ය

  • සියලු මුදල් සහ චෙක්පත් ලැබීම් එකතු කිරීම
  • මුද්‍රා තැබීම් ගාස්තු වාර්තා කිරීම
  • සියලු ගෙවීම් කළමනාකරණය කිරීම
  • පඩිපත් කළමනාකරණය
  • ප්‍රසම්පාදන ක්‍රියාකාරකම්
  • අයවැයකරණය
  • ගබඩා කළමනාකරණය
  • ආයෝජන කළමනාකරණය
  • අවසන් ගිණුම් පිළියෙළ කිරීම
  • ස්ථාවර වත්කම් පිළිබඳ වාර්තා තබාගැනීම
  • විගණන විමසුම්වලට පිළිතුරු දීම