small gov

ඔබේ කුසලතා වර්ධනය කරගැනීමට අවශ්‍ය ක්ෂෙත්‍රය අනුව ඔබට තෝරාගත හැකි ප්‍රායෝගික පාඨමාලා රැසක් අපි පවත්වන්නෙමු. අපගේ මිනුම් පුහුණු පාඨමාලාවන්ට සහභාගිවීම මගින් ඔබනේ වෘත්තීමය හැකියා සංවර්ධනය කර ගැනීමට හැකිවනු ඇත.

තම අංක ශෝධන වෘත්තීය ක්ෂෙත්‍රයන්හි ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකිරීමට සහභාගිවන්නන්ට අතිශයන් වැදගත්වන්නා වූ මිනුම් පිළිබඳ මූලික දැනුම සහ උසස් කුසලතා පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ප්‍රතිලාභීන්ට ලබා ගත හැකිවන පරිදි දේශන සහ ප්‍රායෝගික අභ්‍යාස සහිතව තීව්‍ර තාක්ෂණික සැසි සඵලව සැලසුම් කර ඇත. එසේම, අංක ශෝධන, පරීක්ෂා කිරිම්, වෛද්‍ය සහ රසායනික විද්‍යාගාරවල සේවය කරන පුද්ගලයන් සඳහා ද මෙම පාඨමාලා යෝග්‍ය වේ. ගුණාත්මක මිනුම් සේවා අවශ්‍ය පුළුල් අංශ ගණනාවක් තුළ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා වඩා හොඳින් සපුරාලීමට එමගින් ඔවුනට හැකියාව ලබා දෙනු ඇත.

ඔබගේ අවශ්‍යතා වෙනුවෙන්ම සකස් කරන ලද සේවාස්ථ පුහුණු සැපයීමට සහ ස්ථානීයව ඉදිරිපත් කිරීමට ද අපට හැකිය. අපගේ සම්පත් දායකයන්ගේ සේවය ලබා ගැනීමට ඇති හැකියාව මත වසරේ ඕනෑම අවස්ථාවකදී ඔබගේ ස්ථානීය පුහුණු අවශ්‍යතා සපුරාලිමට අපි කටයුතු කරන්නෙමු.

ව්‍යවහාරික, ප්‍රායෝගික පුහුණු වැඩමුළු සැබෑ විද්‍යාගාර තත්ත්වයන් ඉදිරිපත් කරන අතර ඔබගේ විද්‍යාගාරයේ නිරන්තර වැඩිදියුණුවීම් සහතික කිරිම පිණිස නව ශිල්පීය ක්‍රම සහ පරිපාටි සකස්කර ගන්නේ කෙසේදැයි නිරූපණය කරයි. ජාතික මිනුම් පර්යේෂණාගාරය ලෙස, අපගේ සම්පත් දායකයන් වෙනත් රටවල ජාතික මිනුම් විද්‍යා ආයතනවල අත්දැකීම් සහිත මිනුම් විද්‍යා විශේෂඥයන් වන අතර ඔබට ඔවුන්ගෙන් ඉගෙන ගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

  • පුහුණු ගාස්තුව : එක් අයෙකු සඳහා රු. 7500.00.
  • පුහුණු ගාස්තුවට : පුහුණුව සඳහා අවශ්‍ය පොත් පත්, දිවා ආහාරය, තේ/කෝපි ආදිය ඇතුලත් වේ.
  • ස්ථානය : හෝමාගම, පිටිපන මාහේනවත්ත පිහිටි මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරය.

ඔබට අවශ්‍ය කරන පුහුණුව ආරම්භවීමට යටත් පිරිසෙයින් සති දෙකකට පෙර පුහුණු ගාස්තුව ලැබීමට සැලැස්විය යුතුය. මුදල් හෝ චෙක්පත් මගින් ගෙවීම් සිදුකළ හැක. චෙක්පත් “අධ්‍යක්ෂ”, මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව නමට ලිවිය යුතුය.

පුහුණු වැඩසටහන් දින දර්ශනය

 

පුහුණු පාඨමාලා

සබැඳි වෙබ් අඩවි