අළුත්වැඩියා කරුවන් අළුතින් ලියාපදිංචි කිරීම
යෝග්‍යතාවය
අළුත්වැඩියා කිරීමේ බලපත්‍රයක් ලබාගැනීමට අදහස් කරන සෑම පුද්ගලයෙක්ම/ ආයතනයක්ම මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන න්‍යායික හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත්විය යුතුය. එම බලපත්‍ර නිකුත් කරනුයේ යාන්ත්‍රික අළුත්වැඩියා සහ විද්‍යුත් අළුත්වැඩියා යන කාණ්ඩ දෙක යටතේය.
- පඩි සහ මිමි
- තරාදි දඬු
- දුණු තරාදි
- වේදිකා තරාදි (යාන්ත්‍රික)
- සමබර තරාදි
- පාලම් තරාදි (යාන්ත්‍රික හා ඉලෙක්ට්‍රොනික)
- පාලම් තරාදි හැර ඉලෙක්ට්‍රොනික කිරුම් උපකරණ
- වෙනත් කවර හෝ අතිරේක නිෂ්පාදන
මූලික අවශ්‍යතා
- නව ලියාපදිංචිය සඳහා ඉල්ලුම් ආකෘතිපත්‍රය
- සහතික කළ ජාතිකි හැඳුනුම්පතේ පිටපතක්
- අධ්‍යාපනික සහ තාක්ෂණික සහතික
බලපත්‍ර නිකුත් කිරීමේ පරිපාටිය
- පියවර 1: තමන්ට අවශ්‍ය කරන්නේ කවර කාණ්ඩයක බලපත්‍රයක් ද යන්න සඳහන් කරමින් අයදුම්කරු නව ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රයක් සම්පූර්ණ කර එය මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කරයි.
- පියවර 2: වැඩපොළ වාර්තාවක් සඳහා දෙපාර්තමේන්තුව එම ඉල්ලීම දිස්ත්‍රික් පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරයි.
- පියවර 3: දිස්ත්‍රික් පරීක්ෂකවරයා අයදුම්කරුගේ වැඩපොළ වෙත ක්ෂෙත්ර සංචාරයක් සිදු කර උපකරණ අළුත්වැඩියාව සඳහා සුදුසු මෙවලම් වැඩපොළේ තිබේදැයි යන්න පරීක්ෂා කර බලයි.
- පියවර 4: දිස්ත්‍රික් පරීක්ෂකවරයා වැඩපොළ වාර්තාවක් සකස් කර එය මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කරයි.
- පියවර 5: විභාගය සඳහා පෙනී සිටීමට පැමිණෙන ලෙස දන්වමින් දෙපාර්තමේන්තුව අයදුම්කරුට ලිපියක් තැපැල් කරයි.
- පියවර 6: දෙපාර්තමේන්තුව විසින් අයදුම්කරු සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වයි.
- පියවර 7: අයදුම්කරුගේ තාක්ෂණික කුසලතා පරීක්ෂා කිරිම පිණිස විභාගයක් පවත්වයි.
- පියවර 8: සාර්ථකව සුදුසුකම් ලැබූ පසු, අයදුම්කරුට අළුත්වැඩියා කිරීමේ බලපත්‍රයක් නිකුත් කරයි.
ගාස්තු
Registration fee for a Repairer |
Rs. |
Repair measures |
720.00 |
Repair scale beams & Weights |
720.00 |
Repair spring balance |
720.00 |
Repair Platform Scales (mechanical) |
720.00 |
Repair counter scale |
700.00 |
Repair weighbridges (Mechanical or Electronic) |
6000.00 |
Repair all types of mechanical weighing instruments Exept Weighbridge |
3600.00 |
Repair electronic weighing instruments Exept Weighbridge |
3600.00 |
Class II scales |
720.00 |
අයදුම්පත්‍රය බාගත කරන්න
නව නිෂ්පාදකවරුන් සහ විකුණුම්කරුවන් ලියාපදිංචිය
යෝග්‍යතාවය
මිනුම් උපකරණ සඳහා මාදිලි අනුමතිය ලබාගෙන ඇති ඕනෑම නිෂ්පාදකයකු
සටහන: ලියාපදිංචි සහතිකයක් හිමි පුද්ගලයකු හෝ ආයතනයක් විසින් නිෂ්පාදනය කරන සියලු පඩි, මිමි හෝ කිරුම් හෝ මිනුම් උපකරණ පරීක්ෂකවරයා විසින් අනුමත කළ යුතුය.
මූලික අවශ්‍යතා
- නව ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍රය
- ජාතික හැඳුනුම්පත්‍රයේ පිටපත
- මාදිලි අනුමති සහතිකය
- ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය
- අළුත්වැඩියා කිරීමේ බලපත්‍රය
බලපත්‍ර නිකුත් කිරීමේ පරිපාටිය
- පියවර 1: නිෂ්පාදනය කරනුයේ කුමක්ද සහ නිෂ්පාදකගේ නම සඳහන් කරමින් නව ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍රයක් නිෂ්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කරයි.
- පියවර 2. දිස්ත්‍රික් පරීක්ෂකවරයා අයදුම්කරුගේ වැඩපොළ වෙත ක්ෂෙත්ර සංචාරයක් සිදු කර වැඩපොළ වාර්තාවක් සකස් කරයි.
- පියවර 3: පරීක්ෂකවරයා වැඩපොළ වාර්තාව දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරයි.
- පියවර 4: වැඩපොළ වාර්තාව පරීක්ෂකවරයා අනුමත කර ඇත්නම්, සාම්පලයක් රැගෙන එන ලෙස දෙපාර්තමේන්තුව නිෂ්පාදකට ලිපියක් මගින් දැනුම් දෙයි.
- පියවර 5: නිෂ්පාදක සාම්පලය රැගෙන එයි. දෙපාර්තමේන්තුව එය පරීක්ෂා කරයි.
- පියවර 6: මාදිලිය අනුමත කිරීමෙන් පසුව, දෙපාර්තමේන්තුව නිෂ්පාදක වෙත අයදුම්පත්‍රයක් තැපෑලෙන් යවයි.
- පියවර 7: අළුත්වැඩියා බලපත්‍රයක් හිමි තාක්ෂණික දැනුමැති අයෙකු නිෂ්පාදකයා හඳුන්වා දිය යුතුය.
- පියවර 8: නිෂ්පාදකවරයා අයදුම්පත්‍රය පුරවා, අදාළ ගාස්තු ගෙවා බැංකු තැන්පතු පත සමග එය ඉදිරිපත් කරයි නැතහොත් සරප්වරයා වෙත මුදල් ගෙවා එය තැපෑලෙන් හෝ පුද්ගලිකව පැමිණ දෙපාර්තමේන්තුවට බාර දෙයි.
- පියවර 9: ඉන් අනතුරුව දෙපාර්තමේන්තුව නිෂ්පාදන සහතිකපත්‍රයක් නිකුතු කරයි.
ගාස්තු
Registration fee for manufacture & sell |
RS. |
Measures of Length or Capacity made out of Wood or Metal |
1200.00 |
Weights |
2400.00 |
Beam Scale |
2400.00 |
Spring Balance |
2400.00 |
Counter Balance |
2400.00 |
Platform Scales (mechanical) |
2400.00 |
Weighbridges (Mechanical/Electronics) |
9000.00 |
Electronic Weighing instrument |
3600.00 |
Fuel dispensing pumps |
3600.00 |
Measuring instruments related to electrical energy |
3600.00 |
අයදුම්පත්‍රය බාගත කරන්න
නව ආනයන සහ විකුණුම් ලියාපදිංචිය
යෝග්‍යතාවය
සටහන: ලියාපදිංචි කිරීමේ සහතිකයක් දරන පුද්ගලයකු හෝ ආයතනයක් විසින් ආනයනය කරන සෑම කිරුම් පඩියක්, මිනුමක් සහ කිරුම් මිනුම් උපකරණයක්ම පරීක්ෂකවරයා විසින් අනුමත කළ යුතුය.
මූලික අවශ්‍යතා
- නව ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රය
- ජාතික හැඳනුම්පතේ පිටපතක්
- අළුත්වැඩියා කිරීමේ බලපත්‍රය
- රේගු ලේඛන
බලපත්‍ර නිකුත්කිරීමේ පරිපාටිය
- පියවර 1: අයදුම්පත්‍රයක අවශ්‍යතාවය දන්වමින් අයදුම්කරු දෙපාර්තමේන්තුවට ලිපියක් මගින් ඉල්ලීමක් කරයි.
- පියවර 2: ලිපිය ලැබීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුව අයදුම්කරු වෙත අයදුම්පත්‍රයක් යවයි.
- පියවර 3: අයදුම්කරු අයදුම්පත්‍රය පුරවා ව්‍යපාර ලියාපදිංචිකිරීමේ සහතිකයේ පිටපතක්, රේගු ලේඛන සහ ජාතික හැඳනුම්පතේ/ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් සමගින් එය දෙපාර්තමේන්තුවට යොමු කරයි.
- පියවර 4: දෙපාර්තමේන්තුව ලියාපදිංචි තැපෑලෙන් විකුණුම්කරු වෙත බලපත්‍රය නිකුත් කරයි.
ගාස්තු
Registration fee for Import & Sell |
Rs. |
Measures of Length or Capacity made out of Wood or Metal |
2400.00 |
Weight |
4800.00 |
Beam Scales |
4800.00 |
Spring Balance |
4800.00 |
Counter Balance |
4800.00 |
Platform Scale (meachanical) |
4800.00 |
Weighbridge (Mechanical/Electronics) |
18000.00 |
Electronic weighing instrument |
7200.00 |
Fuel dispensing |
7200.00 |
Measuring instrument related to electrical quantities |
7200.00 |
අයදුම්පත්‍රය බාගත කරන්න
නව විකුණුම් ලියාපදිංචි කිරීම
යෝග්‍යතාවය
ව්‍යාපාරික ආයතනයක් ලෙස ලියාපදිංචිවී තිබිය යුතුය.
සටහන: බලය දෙන ලද පඩි, මිනුම් හෝ කිරුම් මිනුම් උපකරණයක් විකිණීම සඳහා ලියාපදිංචි සහතිකය දරන්නෙකු හෝ ආයතනය විසින් පරීක්ෂකවරයෙකු විසින් මුද්‍රා තබන ලද කිරුම් පඩි, මිනුම් හෝ කිරුම් මිනුම් උපකරණ පමණක් විකිණීමට හෝ විකිණීම සදහා ලඟ තබා ගත යුතුය. පරීක්ෂකවරයා විසින් නිකුත් කරන සත්‍යෙක්ෂණ සහතිකය උපකරණ මිලදී ගන්නා වෙත නිකුත් කළ යුතුය.
මූලික අවශ්‍යතා
- නව ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත්‍රය
- ජාතික හැඳනුම්පතේ පිටපතක්
- ව්‍යාපාර ලියාපදිංචිකිරිමේ සහතිකය
බලපත්‍ර නිකුත්කිරීමේ පරිපාටිය
- පියවර 1: අයදුම්පත්‍රයක අවශ්‍යතාවය දන්වමින් අයදුම්කරු දෙපාර්තමේන්තුවට ලිපියක් මගින් ඉල්ලීමක් කරයි.
- පියවර 2: ලිපිය ලැබීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුව අයදුම්කරු වෙත අයදුම්පත්‍රයක් යවයි.
- පියවර 3: අයදුම්කරු අයදුම්පත්‍රය පුරවා ව්‍යපාර ලියාපදිංචිකිරීමේ සහතිකයේ පිටපතක්, රේගු ලේඛන සහ ජාතික හැඳනුම්පතේ/ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් සමගින් එය දෙපාර්තමේන්තුවට යොමු කරයි.
- පියවර 4: දෙපාර්තමේන්තුව ලියාපදිංචි තැපෑලෙන් විකුණුම්කරු වෙත බලපත්‍රය නිකුත් කරයි.
ගාස්තු
Registration fee for Sell |
Rs. |
Weights, measures or weighing and measuring instruments |
720.00 |
අයදුම්පත්‍රය බාගත කරන්න